ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී ශ්රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ලෝක ක්රිකට් ඉතිහාසයේ අවාසනාවන්තම මෙන්ම පළමු වරටද වූ දැවී යාමකට ලක්විය.
ඒ පිතිකරුවෙක් දැවී ගොස් පිටියට පැමිණි නව පිතිකරු විනාඩි දෙකක් තුළ පන්දුවට මුහුණ නොදීම නිසා සිදුවූ දැවී යාමකටය. මේ අනුව කිසිම පන්දුවකට මුහුණ නොදීම මැතිව්ස්ට පිටියෙන් ඉවත්වීමට සිදුවූ අතර ඒ අනුව ලෝක ක්රිකට් ඉතිහාසයේ මෙවැනි දැවී යාමකට ලක්වූ පළමු පිතිකරුවා ලෙස මැතිව්ස් වාර්තා අතරට එක්විය.
සදීර සමරවික්රම දැවී යාමෙන් පසුව මැතිව්ස් පිටියට පිවිසියත් ඔහුගේ ආරක්ෂිත හිස් වැස්මේ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් ඔහුට පන්දුවට පහරදීමට සූදානම් වීමට විනාඩි 4කට ආසන්න කාලයක් ගතවිය.
මේ අනුව බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් මේ වෙනුවෙන් ඉල්ලීමක් කළ අතර පසුව මැතිව්ස් දැවී ගිය ක්රීඩකයෙක් බවට විනිසුරු තීරණය කළේය.
ඉන් අනතුරුව මැතිව්ස් විනිසුරුවන් සමග මෙන්ම බංග්ලාදේශ නායකයා සමග සාකච්ඡා කළත් ඔහුට එයින් සහනයක් නොලැබුණි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_38cfa08e62.jpg)