බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සෞඛ්‍ය නිර්දේශ අනුව දින 14ක කාලයක් ස්වයං නිරෝධානයට ලක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශයට දන්වා තිබේ.
කෙසේ වෙතත් මේ සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විරෝධයක් දක්වා තිබේ.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර මත දෙකක් ප්‍රකාශ වී තිබේ.
මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ අදාළ කරුණ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කොවිඩ් වැළැක්වීමේ කාර්ය සාධක බළකාය සමග සාකච්ඡා කර බංග්ලාදේශ කරුණ පිළිබඳව නැවත සළකා බලන ලෙසයි.