ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් (5,564,404.50) හොංකොංහි ගිණුමකට බැර කරන්නැයි ඉල්ලමින් සිදුවීමට ගිය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගැනීම සඳහා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතාට අද (04දා) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩීයට) හමුවට පැමිණියේය.
ඒ අපරාධ පරීක්ලෙෂණ දෙපාර්තමේන්තුව ලබාදුන් දැනුම් දීමකට අනුවය. මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමත් සමග එහි සාක්ෂි විමසීම පවා දැඩි මන්දගාමී ස්වභාවයක් පවතින බව 'අද' පුවත්පත අනාවරණය කළේ පසුගිය පළමු වැනිදාය.
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මෙම මූල්‍ය වංචාවේ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් පෙරේදා (02දා) ඉල්ලා සිටීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාව අද දිනයේ කැඳවා සාක්ෂි සටහන් කරගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් 'අද'ට පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න, ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා ඇතුළු අංශ ප්‍රධානීන්ගෙන්ද කටඋත්තර ගැනීමේ සූදානමක් පවතින බව අනාවරණය වේ. ඊට හේතු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ මෙම විමර්ශනය කඩිනමින් අවසන් කිරීම බව වැඩිදුරටත් එහි ප්‍රකාශකයා සඳහන් කර සිටියේය.