ශ්රී ලංකා ප්රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.
වර්ෂාව හේතුවෙන් තරඟය ආරම්භ වීම ප්රමාද වීම නිසා මෙම තරඟය පන්දුවාර 5කට සීමා වූ අතර ප්රථමයෙන් පන්දුවට පහරදුන් කළම්බු කිංග්ස් කණ්ඩායම එක් කඩුල්ලක පමණක් දැවී ලකුණු 96ක් රැස් කිරගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කර ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට පන්දුවාර 5 තුළදී කඩුලු 2ක් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 62ක් පමණි.
ඒ අනුව කළම්බු කිංග්ස් කණ්ඩායමට ලකුණූ 34ක ජයක් හිමි විය.