නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී කමිඳු මෙන්ඩිස්ගේ ද්විත්ව ශතකයට වඩා තමන් සලකා බැලුවේ කුසල් මෙන්ඩිස්ගේ ශතකය බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජයද සිල්වා පැවැසීය.
දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
කමිඳු මෙන්ඩිස්ට තවත් වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාව ලබාදුන් බවත් කුසල් මෙන්ඩිස් දිගු කාලයකින් ශතකයක් වාර්තා කර නොතිබුණ බවත් ධනංජය පැවැසීය.
කෙසේ වෙතත් ඉනිම අත්හිටුවීමට තීරණය ගත්තේ තරගයේ ජයග්‍රහණය ගැන සිතා බවත් ධනංජය වැඩිදුරටත් පැවැසීය.