සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩලු 2ක ජයක් අත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 46 පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 203ක් රැස් කළේය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 33යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 204ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.
මෙහිදී පාකිස්තාන කණ්ඩායම ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය වැලැක්වීමට දැඩි පරිශ්‍රමයක් දැරූ අතර, කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ගේ පිතිහරඹය හමුවේ එම පරිශ්රමය අසාර්ථක විය.