ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්‍රිකට් විධායක නිලධාරී කෙවීන් රොබට් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත. ඔහු සිය කැමැත්තෙන්ම මෙලෙස තනතුරින් ඉල්ලා අස්වී ඇති අතර, ඒ සඳහා ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේද අනුමැතිය හිමිව තිබේ.
මේ සඳහා විශේෂ හේතුවක් නොමැති වුවත් කෙවීන්ට පසුගිය සමයේ විවිධ චෝදනාවලට ලක්වීමට සිදුවූයේ 'කෝවිඩ්-19' වෛරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාව වසා දැමුණු සමයේදී සිදු කළ විවිධ පිරිවැය අඩු කිරීමේ ක්‍රියාවලීන් (Cost cutting) හේතුවෙනි. මේ අතර කෙවීන්ගෙන් හිස්වන නව ප්‍රධාන විධායක නිලධාරී තනතුරට නික් හොක්ලේ පත්කර ඇත. හොක්ලේ මෙම වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කරයි.