එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ ඔස්ට්‍රේලියාවේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් සත්කාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 240කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.
ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 241ක ඉලක්කයක් හිමිවිය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා වූ ලෝකේෂ් රාහුල් ලකුණු 66ක් රැස්කළ අතර විරාත් කෝලි ලකුණු 54ට දැවී ගියේය.
නායක රෝහිත් ෂර්මා පන්දු 31කදී වේගවත් ලකුණු 47ක් රැස් කළේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් මිචෙල් ස්ටාක් කඩුලු තුනක් දවා ගත් අතර ජෝෂ් හැසල්වුඩ් හා පැට් කමින්ස් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත්වූහ.