ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
බ්‍රිස්ටල්හි දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 207ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 34.5කදී කඩුලු තුනක් දැවී ලකුණු 209ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
ඩේවිඩ් වොනර් නොදැවී ලකුණු 89ක් රැස්කළේය. ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.