එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ ඔස්ට්‍රේලියා කණ්ඩායමකට එරෙහිව ශ්‍රි ලංකා කණ්ඩායමක් එක්දින තරගවලදි ලැබූ දැවැන්තම ජය වාර්තා කිරිමට අද සමත්විය.
ඒ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදි දෙරට අතර පැවැති දෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 174ක ජයක් වාර්තා කිරිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විමත් සමගිනි.
මෙම ජයග්‍රහණය අනුව තරග දෙකකින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රි ලංකාව ජය ගත්තේය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 4ට ලකුණු 281ක් රැස් කිරිමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට රැස් කළ හැකිවූයේ ලකුණු 107ක් පමණි.
ශ්‍රී ලංකාව 281/4
කුසල් මෙන්ඩිස් 101 (පන්දු 115/ හතරේ පහර 11)
චරිත් අසලංක 78 (පන්දු 66/හතරේ පහර 6/හයේ පහර 3)
නිෂාන් මධුශ්ක 51 (පන්දු 70/හතරේ පහර 4/ හයේ පහර 1)
ආරෝන් හැඩ්ලි හා ඇඩම් සැම්පා එක් කඩුල්ල බැගින් දවාගත්හ
ඔස්ට්‍රේලියාව 107/10
ස්ටිවන් ස්මිත් 29 (පන්දු 34/හතරේ පහර 3/හයේ පහර 1)
දුනිත් වෙල්ලාගේ 35/4
අසිත ප්‍රනාන්දු 23/3
වනිඳු හසරංග 23/3
