සංචාරක ශ්රීී ලංකා කණ්ඩායම පරාජය කරමින් තරග පහකින් සමන්විත විස්සයිි20 තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
ඒ කැන්බරාහිි පැවැති තෙවැනිි විස්සයි20 තරගය කඩුලු 6කිින් පහසුවෙන්ම ජයග්‍රහණය කරමිනි. කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ඇරයුමෙන්ම මුලිින්ම පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදි කඩුලු 6ට ලකුණු 121ක් රැස්කළේය.
තරගාවලියේ මේ දක්වා අසාර්ථක වූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සුපුරුදු පරිදි මෙම තරගයේදීත් ලකුණු 9කටදැවි ගිියේය. එසේම යළිිත් කණ්ඩායමට පැමිණි කුසල් මෙන්ඩිස්ද ලකුණු 4කට දැවීී ගියේය.
නායක දසුන් ශානක නොදැවී ලකුණු 39ක් රැස්කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 25ක් හා පැතුම් නිශ්ශංක ලකුණු 16 ක් රැස්කළහ.
ඔස්ට්‍රේලියාව වෙනුවන් පන්දු යැවීමෙන් කේන් රිචඩ්සන් ලකුණු 21ට කඩුලු 3ක් දවාගත් අතර ඒ අනුව ඔහු තරගයේ විරයා ලෙසින්ද සම්මාන ලැබීය.
ලකුණු 122ක පහසු ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු බෙන් මැක්ඩෙමෝරට් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත්විය. ඉන් අනතුරුව දෙවැනිි කඩුල්ල ලෙසින් ඇස්ටන් අගාර් මුළු ලකුණු 26දි ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට තීක්ෂණ සමත්විය.
කෙසේ වෙතත් පසුව ග්ලේන් මැක්ස්වෙල් (39), ආරෝන් ෆින්ඩ් (35) ඔස්ට්‍රේලියා ඉනිම ගොඩ නැගූහ.