විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු කාණ්ඩයේ පැවති තරගයකින් අයර්ලන්තය පරදා ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය. බ්‍රිස්බේන්හිදී පැවති තරගයේ අයර්ලන්ත ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුනු 179 ක් රැස් කළහ. නායක ඒරන් ෆින්ච් පන්දු 44 කදී ලකුනු 63 ක් වාර්තා කලේය. අනතුරුව ලකුන 180 ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය පන්දුවාර 18.1 ක් තුළ සියළුදෙනා දැවී රැස්කලේ ලකුනු 137 ක් පමණි. අයර්ලන්තය ජයග්‍රහණය වෙනුවෙන් දැඩි වෙහෙසක් ගත් ලෝකන් ටකර් ලකුනු 71 ක් රැස්කලේය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් පැට් කමින්ග්ස්, ග්ලේන් මැක්ස්වෙල්,මිචෙල් ස්ටාක් හා ඇඩම් සම්පා කඩුළු 2 බැගින් බිඳ හෙලීය. මෙම ජයග්‍රහණයත් සමගින් පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුනු සටහනේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වූ අතර ශ්‍රී ලංකාව එහි අවසන් ස්ථානයේ තවමත් පසුවේ.