ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ ක්‍රීඩකයින්ගේ සහ නිළධාරීන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සහ සෞඛ්‍ය ආරක්ෂාව තරකිරීමට දිනකට වෛද්‍යවරුන් 230ක් සහ හෙඳ මහත්ම මහත්මීන් 310ක් බැගින් ඔලිම්පික් ආරම්භයේ සිට අවසානය දක්වා දිනපතා අවශ්‍ය වන බව පසුගියදා අන්තර් ජාලය හරහා පැවැති සාකච්ඡාවේ දී සාකච්ඡාවට ලක්කළ බව ජපාන ඔලිම්පික් සංවිධායක කමිටුවේ බේස්බෝල් සහ සොෆ්ට් බෝල් ක්‍රීඩා අංශයේ නියෝජ්‍ය තාක්ෂණික කළමණාකරු සුජීව විජයනායක මහතා සඳහන් කළේය.
එළැඹෙන ජූලි මස 23 වැනිදා ටෝකියෝ නගරයේ දී ආරම්භවීමට නියමිත 'ටෝකියෝ ඔලිම්පික්' තරගාවලිය පිළිබඳ පසුගිය 19 වැනිදා සිට 21 වන දින දක්වා පුරා දින තුනක් අන්තර් ජාලය ඔස්සේ පවත්වන ලද විශේෂ සාකච්ඡාවේ දී මෙම තීරණයට එළඹි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මෙම සාකච්ඡාවට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා, ජපාන ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් එහි සභාපතිතුමිය වන හෂිමොතො මහත්මිය, ජපන් රජය නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා අමාත්‍යවරිය වන මරැකාවා මහත්මියද, සත්කාරක නගරය වන ටෝකියෝ නගරය නියෝජනය කරමින් එහි ආණ්ඩුකාරවරිය වන කොයිකේ මහත්මියද එක්ව සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව,
"දින තුනක් පුරා පැවැති මෙම සාකච්ඡාවේ දී කොරෝනා උවදුරත් සමඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. ඒ වගේම තමයි දිනකට අවශ්‍ය වන වෛද්‍යවරැන් 230 සහ හෙද මහත්ම මහත්මීන් 310 ඉලක්කය සපුරා ගනිමින් සිටිනවා. ඒ වගේම තමයි ජපනා වැසියන්ට කොරෝනා එන්නත ලබාදීමේ යම් කිසි ප්‍රමාදයක් පවතින බැවින් එම එන්නත ටෝකියෝ වැසියන්ට ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡාවලට ලක්කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස කොරෝනා එන්නත ලබාදීමේ විශේෂ ගොඩනැගිල්ලක් සෑදීමට ද එහිදී තීරණය කරලා තියෙනවා. ඒ වගේම මෙවර ඔලිම්පික් සහ පැරාලිම්පික් තරඟාවලිය 'ජෛව ආරක්ෂණ බුබුලක්' යන සංකල්පයට අනුව පවත් වන්නටත් එහිදී තීරණය කළා." යැයි සඳහන් කළේය.