2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව තිබේ. ඒ රන් පදක්කම් 16ක් සමගිනි.
සත්කාර ජපානය රන් පදක්කම් 15ක් සමගින් දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 14ක් සමගින් තෙවැනි ස්ථානයට පත්ව තිබේ.
චීනය රන් පදක්කම් 16ට අමතරව රිදී පදක්කම් 7ක් හා ලෝකඩ පදක්කම් 10ක් සමගින් සමස්ත පදක්කම් 33ක් ලබාගෙන තිබේ.