2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (31දා) පැවැති කාන්තා මීටර 100 අවසන් මහා තරගයේ රන්, රිදී හා ලෝකඩ පදක්කම් ත්රිත්වයම දිනාගැනීමට ජැමයිකාව සමත් විය.
ඒ අනුව නව ඔලිම්පික් වාර්තාවක් සමගින් තත්. 10.61කින් තරගය අවසන් කළ එලීනා තොම්සන් රන් පදක්කම දිනාගත්තේය.
කෙසේ නමුත් මෙහි රන් පදක්කම දිනාගනු ඇතැයි අනුමාන කළ ෂෙලි-ඇන් ෆ්රේසර්-ප්රයිස්ට රිදී පදක්කමෙන් සැහීමට පත්වීමට සිදුවිය. ඇය තරගය අවසන් කිරීම සඳහා තත්. 10.74ක කාලයක් වාර්තා කළාය.
මීට අමතරව ලෝකඩ පදක්කම ෂෙරිකා ජැක්සන්ට හිමි වූ අතර, ඇය තත්. 10.76ක කාලයක් වාර්තා කළාය.