එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් අවලංගු කිරීමට, 2024 වසර දක්වා එල්.පී.එල් තරගාවලියේ අයිතිය හිමි IPG සමාගම කටයුතු කර තිබේ.
හිමිකාරිත්වයන් අවලංගු වූ කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් මිලදී ගැනීම සඳහා පාර්ශව රැසක් ඉදිරිපත්වූ බව IPG සමාගම සදහන් කර සිටියි. එහි කටයුතු අවසන් අදියරේ මේ වන විට පවතින බව ද සදහන් වෙයි.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (දෙවැනි අදියර) ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතයි.