ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන ඒක්දින තරගාවලියෙන් ඉන්දිය සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ඉවත් කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
ඒ ඔහුට තවදුරටත් විවේකය ලබාදීමට ඔවුන් තීරණය කිරීමත් සමගිනි. ඉන්දීය කණ්ඩායමේ ප්‍රධානම වේගපන්දු යවන්නා වන බුම්රා ආබාධයක් හේතුවෙන් මාස 3 කටත් අධික කාළයක් අන්තර්ජාතික පිටියෙන් ඉවත්වීමට සිදුවූ අතර ඒ හේතුවෙන් ඔහුට ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියද අහිමිවිය.
කෙසේ වෙතත් ආබාධය සුවවූ බුම්රා ශ්‍රී ලංකාව සමගින් පැවත්වෙන ඒක්දින තරගාවලිටය කැඳවන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදන කර තිබිණ.නමුත් හෙට ආරම්භවන පළමු ඒක්දින තරගාවලිය සඳහා බුම්රා ගුවහාටි වෙත නොපැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි. ඔහු ඉන්දය කණ්ඩායමේ නවසීලන්තය සමගින් පැවැත්වෙන තරගාවලියට සහභාගි වනු ඇති බව ඒම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත් ඒක්දින තරගාවලිටය සහභාගි නොවූ ඉන්දීය කණ්ඩායමේ ප්‍රභල පිතිකරුවන් වන කේ.එල් රාහුල්, විරාත් කෝලි හා රෝහිත් ෂර්මා මෙම තරගාවලිටය ක්‍රීඩා කරයි.
මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සමගින් පැවති තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත්විය.
එක්දින තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතය
රෝහිත් ෂර්මා (නායක), ෂුබ්මාන් ගිල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, ෂ්‍රෙයාස් අයියර්, කේ.ඒල්. රාහුල්, ඉෂාන් කිෂාන්, හර්දික් පාණ්ඩ්‍යා, වොෂිංටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, කුල්දිප් යාදව්, ආක්සාර් පටෙල්, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ්, උම්රාන් මලික්, අර්ෂ්දීප් සිං