ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරාගලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 16ක් ඇතුළත් වෙයි.
මීට ඉහතදි පාකිස්තානයේ පැවැති එක්දින හා විස්සයි20 තරගාවලිය සඳහා ආරක්ෂක හේතුන් මත එක්විය නොහැකි බවට සඳහන් කළ ක්‍රීඩකයන් ටෙස්ට් තරගාවලියට එක්වීමට තීරණය කිරීම කැපී පෙනෙන තීරණයක් වෙයි.
ඒ අනුව නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන් මෙසේ කණ්ඩායමට එක්ව තිබේ. ඔවුහු එක්දින තරගාවලියට පාකිස්තානයට යෑමට ප්‍රතික්ෂේප කළ ක්‍රිඩකයන් වෙයි.
2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්තප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියට එක්වෙන්නේ වසර 10කට පසුවය.
ලෝක ටෙස්ට් ශුරතාවලිය යටතේ මෙම ටෙස්ට් තරග දෙක පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 08 දා පාකිස්තානයට පිටත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය අනුමැතිය ලබා දී ඇත.
ශ්‍රී ලංකා සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්,ළහිරු තිරිමාන්න, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්