ලෝක කුසලාන පාපන්දු තරගයකදී වාර්තා වූ මන්දගාමීම ගෝල ද්විත්වය අද වාර්තා විය. එනම් ලෝක කුසලාන තරගයක වැඩිම කාළයකදී වාර්තා වූ ගෝල ද්විත්වයයි. (අතිරේක කාළයක් නොමැතිව)
විශේෂත්වය වන්නේ එම ගෝල ද්විත්වයම වාර්තා වූයේ එකම දිනයේ පැවති තරග දෙකකදී වීමයි. මෙහිදී එංගලන්තය හා ඉරානය අතර පැවති තරගයේදී පළමු ගෝලය වාර්තා කිරීමට ඉරාන ක්රීඩක මෙහ්දි තරේමි සමත්වූයේ තරගයේ 113 වැනි මිනිත්තුවෙදී වීම විශේෂත්වයකි.
ඒ අනුව ලෝක කුසලානයක වාර්තා වූ මන්දගාමීම ගෝලය බවට මෙය පත්විය. ඉන් අනතුරුව නෙදර්ලන්තය හා සෙනගාලය අතර පැවති තරගයේදී ඩේවි ක්ලාසෙන් නෙදර්ලන්තයට ගෝලයක් වාර්තා කර දුන්නේ තරගයේ 99 වැනි මිනිත්තුවේදී. ඒ අනුව මෙය ලෝක කුසලානයක වාර්තා වූ දෙවැනි මන්දගාමීම ගෝලය බවට පත්විය.
මෙහිදි (රතු) ගෝලයක් වාර්තා කරමින්
ක්ලාසෙන් (තැඹිලි) ගෝලයක් වාර්තා කරමින්