සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 91කදී ලකුණු 321/8ක් රැස්කිරිමට සමත්විය.
කාසියේ වාසිය දිනා ඔවුන් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. කඩුලු රකින ක්රීඩක බෙන් ෆෝක්ස් ලකුණු 87ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියි.
ශ්රී ලංකා වමත් වේග පන්දු යවන ක්රීඩක රංගන හේරත් ශ්රී ලංකාව වෙනුවෙන් ක්රීඩා කරන අවසන් තරගය මෙය වෙයි. රංගන අද දිනයේදී එක් කඩුල්ලක් දවා ගත් අතර එය ගාලු ක්රීඩාංගණයේදී ඔහු දවාගත් 100 වැනි කඩුල්ල වෙයි. දිනයේ සාර්ථකම පන්දු යවන්නා වූ ඩිල්රුවන් පෙරේරා පන්දුවාර 28කදී ලකුණු 70ට කඩුලු හතරක් දවා ගැනීමට සමත්විය.