ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්රිකට් තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 241ක් ලබා ගැනීමට සමත් විය.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 91ක් රැස්කළ අතර දසුන් ශානක ලකුණු 47ක් රැස් කිරීමට සමත්විය.
තරඟය ජයග්රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 242ක් ඉලක්කයක් හිමිව තිබේ.