එංගලන්ත කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංවාරයේ එක්දින හා විස්සයි20 තරගවලින් ශ්‍රී ලංකා හිටපු සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් ඉවත්කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් මැතිව්ස්ට තේරීම් කමිටු සභාපති ග්රැහැම් ලැබ්රෝයි මහතා දුරකතනය මගින් දැනුම් දී තිබේ. එහිදී මැතිව්ස්ට පවසා ඇත්තේ ඔහුට ශාරීරික යෝග්‍යතාව නොමැතිවීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කරන බවයි.
කෙසේ වෙතත් මැතිව්ස් විමසා ඇත්තේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් නොමැතිව තමන්ව එසේ ඉවත් කරන්නේ කෙසේද යන්නයි.
පසුගිය වසර දෙක තුළ සීමිත පන්දුවාර තරගවලිදී දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේද ලකුණු අතරට පිවිසියේය.