ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ ආරම්භක ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් අම්බලන්ගොඩ කොන්ඩගල ග්‍රාමයේ පවුල් 100ක් සඳහා වියලි ආහාර ප්රදානය කර තිබේ.
මෙම ජනතාව සඳහා එදිනෙදා පරිහරණයට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙලෙස පරිත්‍යාග කර තිබේ. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති, අඩු ආදායම්ලාභී පවුල් රැසක් සිටින කොණ්ඩගල ප්‍රදේශයේ අසරණ පවුල් 100ක් සඳහා මෙලෙස භාණ්ඩ ලබා දීමට ඔහු කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමිය සහ සංවර්ධන නිලධාරීතුමියගේ අධීක්ෂණය යටතේ මෙම කර්ත්ව්ය සංවිධානය කළ බවත් ඊට අම්බලන්ගොඩ ප්‍රදේශිය ලේකම්තුමියගේ අනුමැතියද හිමිවූ බවත්ය.



