ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන සුපරි 4 පළාත් ක්රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර නුවර පල්ලෙ කැලේ පිටියේ පැවැත්වෙන තරගයේදි ගාලු කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග අද (04දා) ක්රිඩා කරයි.
ඉන්දීය ප්රිමියර් තරගාවලියට එක්ව සිටි මාලිංග ඊයේ (03දා) මුම්බායි කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයටද ඉන්දියාවේදී ක්රිඩා කරනු ලැබීය.
ඔහු නියමිත පන්දුවාර 4දී කඩුලු තුනක්ද දවා ගැනීමට සමත්වූ අතර එම තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජය ගත්තේය.
පළාත් තරගාවලියට එක්වීමට පෙරාතුව මාලිංග අයි.පී.එල්. ක්රිඩා කළත් ඔහු සඳහන් කළේ සුපිරි පළාත් තරගාවලිය ආරම්භවීමෙන් පසුව ලංකාවට පැමිණ ක්රීඩා කරන බවයි.