ඉන්දියාවේ පැරණිම (1864) ක්‍රීඩාංගණය මෙන්ම එරට පළමු ක්‍රිකට් ක්‍රීඩාංගණය වන බටහිර බෙංගාලයට අයත් කෝල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගෘහස්ථ කොටස නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා ලබා දී ඇත.
කෝවිඩ්-19 වෛරසෙයන් බැටකන ලොව රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ඉන්දියාව සැලකෙන අතර, රෝගය පාලනය කිරීම සඳහා ඉන්දියාව දැඩි වෙහෙසක් දරමින් සිටියි.
අවසරය ලැබී දෙසතියකක් ඇතුළත අඩි හයක අනිවාර්ය පරතරයක් පවත්වා ගනිමින් ඇඳන්, ඇඳ ඇතිරිලි හා විදුලි පංකා මේ වන විට එහි සකස්කර ඇත. බොහෝ විට මෙම සතියේදී මෙම නිරෝධාන මධ්‍යස්ථානය ආරම්භ කරනු ඇති බව වාර්තා වේ.
එමෙන්ම ක්‍රීඩාංගණය තුළ ඇති බී, සී, කේ සහ එල් කුටිවල නේවාසිකාගාර කාර්ය මණ්ඩල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ස්ථාන සඳහා වෙන්කර දී ඇත.
පසුගිය මාර්තු මාසයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලිගේ මැදිහත්වීම මත %කෝවිඩ්-19^ වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා තාවකාලික වෛද්‍ය පහසුකම් ඇති කිරීමට ඊඩන් ගාඩ්න්ස්හි ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ ක්‍රීඩකයන්ගේ නේවාසිකාගාරය ලබාදී තිබිණි.