ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එංගලන්තය සමග තරගය ආරම්භවීමට පෙර ඉරාන පාපන්දු ක්‍රීඩකයින් සිය ජාතික ගීය ගායනයෙක් වැලකී සිටියේය.
ඉරානයේ මේ වන විට පවතින දේශපාලන විරෝධතා වලට සහය දක්වමින් ඔවුන් මෙම පියවර ගෙන ඇත. තරගය නැරඹීමට පෙර ජාතික සම්ප්‍රදායිකව ජාතික ගීය වාදනය වන අවස්ථාවේ කිසිදු ක්‍රීඩකයෙකු එය ගායනය කිරීමෙන් වැලකී සිටියේය.
කෙසේ වෙතත් ඔවුන් කළ මෙම කටයුත්ත දැඩි අවධානම් ක්‍රියාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර එරට පාලනය කරන දැඩි මතධාරී ඉස්ලාම් රජය, තමන්ට විරුද්ධ පුද්ගලයන් සඳහා දරුණු ක්‍රියාමාර්ග ගැනීම ඊට හේතුවයි.
ඉරානයේ සදාචාර පොලිසියේ අත්අඩංගුවට පත්වූ තරුණියක් හදිසියේ මියයාමට විරෝධය පෑමට ආරම්භ කළ විරෝධතාව මේ වන විට මාස දෙකකට අධික කාළයක් තිස්සේ නොනැවතී පවතී. මේ හේතුවෙන් සිවිල් වැසියන් අධික ප්‍රමාණයක්ද මේ වන විට සිය ජීවිතයෙන් වන්දි ගෙවා ඇත.
1979 වර්ෂයේදී සිදුවූ ඉස්ලාමික විප්ලවයෙන් පසු ඉරානයේ දැඩි ඉස්ලාමීය පාලනයක් පවතින අතර කාන්තාවන්ට ඉන් දැඩි පාලනයක් සිදුකර ඇත. ඒ වෙනුවෙන් සැකසුණු සදාචාර පොලිසියක්ද ඔවුන් පවත්වාගෙන යයි. කෙසේ වෙතත් මෙමගින් දැඩිලෙස කාන්තා අයිතිවාසිකම් කඩවන බව විචාරකයෝ පෙන්වා දෙති.
තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගයෙන් ඒංගලන්තය හමුවේ ගෝල 6-2 ක පරාජයක් ලැබීමට ඉරානයට සිදුවිය.