සංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ඉර නිසා පැය භාගයකට නවතා දැමීමට සිදුවිය. ඒ ඉර සෘජුවම පිතිකරුවන්ගේ මුහුණට වැටීම හේතුවෙනි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 157ක් (41.3) රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 10.1ක් ක්‍රීඩා කරන විට තරගය තාවකාලිකව නවතා දැමීමට සිදුවිය.ඒ ඉර සෘජුවම පිතිකරුවන්ගේ මුහුණට එල්ල වී තිබුණ හෙයිනි.
ඒ වන විට විරාත් කෝලි හා ශිකර් දවාන් පන්දුවට පහරදෙමින් සිටියේය. ඒ වන විට නවසීලන්ත වේලාව රාත්‍රී 7.21ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත් නැවතත් රාත්‍රී 7.57ට පමණ නැවතත් තරගය ආරම්භ විය.
ඒ අනුව ඉන්දියාවට තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 49කදී ලකුණු 156ක ඉලක්කයක් හිමිවිය. ඉන්දීය කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 34.5 කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු පසුකර යෑමට සමත්විය.
නවසීලන්තයේ නේපියර්හි මැක්ලීන් පිටියේදී මෙම තරගය පැවැතියේය. මීට ඉහතදී අවස්ථා දෙකකදී මෙම පිටියේදී ඉර සෘජුවම පිතිකරුවන්ගේ මුහුණට සිටීම නිසා තරග තාවකාලිකව නවත්වා ඇත.
මෙම පිටියේ විකට්ටුව නැගෙහිර - බටහිර දිශානතියට පිහිටා තිබීම මෙම ගැටලුවට හේතුව වන අතර බොහෝ ක්‍රිකට් ක්‍රීඩාංගණ වල විකට්ටුව සකස් කර ඇත්තේ උතුරු - දකුණු දිශානතියට අනුවය.