මෙවර ලෝක කුසලාන තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ තරගයක් වූ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7කට ලකුණු 151ක් රැස්කළේය.
පාකිස්තානන පන්දු යවන්නන් ඉනිම ආරම්භයේ සිටම ඉන්දිය පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ අතර විරාත් කෝලි (57) රිෂාබ් පාන්ට් (39) හැරෙන්නට වෙනත් කිසිම පිතිකරුවෙකුට ලකුණු අතරට පැමිණීමට නොහැකි විය.
පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ ෂාහීන් ෂා අෆ්රිඩී කඩුුලු තුනක් දවා ගත් අතර හසන් අලී කඩුලු දෙකක් දවාගත්තේය.
ලකුණු 152ක ජයග්රාහී ඉල්ක්කයක් පසුකර යෑමට පිටියට පිවිසි පාකිස්තාන ආරම්භක පිතිකරු යුගලය වූ නායක බාබර් අසාම් (68*) හා මොහොමඩ් රිස්වාන් (79*) පන්දුවාර17.5කදී එම ඉලක්කය පසුකර ගියහ.
තරගයේ විරයා ලෙස අෆ්රිඩී සම්මාන ලැබීය.