ආසියානු ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර හෙට පැවැත්වෙන තරගයට පෙරාතුව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙ නැගී එන ක්‍රීඩකයන් දෙපළක් වන බාබර් අසාම්ට හා උස්මාන් ශින්වාරිට ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර වැදගත් උපදෙස් කිහිපයක් ලබා දී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තාන කණ්ඩායම හා හොංකොං කණ්ඩායම අතර පැවැති තරගයෙන් පසුව පිටියට පිවිසි සංගා ඔවුන්ට මෙම උපදෙස් ලබා ඇත.
පාකිස්තාන සුපර් ලීගයේ නිල ට්විටර් ගිණුම සඳහන් කර තිබුණේ සන්සුන්ව සිටිමින් තම ආවේගයන් පාලනය කර ගන්නා ලෙස සංගක්කාර මෙම ක්‍රීඩකයන් දෙපළට උපදෙස් දී තිබුණ බවයි.