ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ශාරීරික යෝග්‍යතාව සියයට සියයකින්ම වැඩි කර ගැනිමට විවිධ එන්නත් වර්ග ලබා ගන්නා බවටත්, එය තහනම් උත්තේජක පරීක්ෂණ මගින් හෙලි කිරීමද අපහසු බවත්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තේරීම් කමිටු ප්‍රධානී චේතන් ෂර්මා පවසයි.
ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙහිදී පවසා ඇත්තේ ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට පැමිණිමට පොරකෑම නිසාම ශාරීරික යෝග්‍යතාව සියයට සියයක්ම වැඩි කර ගැනිම සඳහා සිය පෞද්ගලික වෛද්‍යවරු මාර්ගයෙන් විවිධ උත්තේජක එන්නත් කර ගන්නා බවත්, එය පරීක්ෂණ වලටද හසු නොවන බවත්ය.
මේ හේතුව නිසාම ඉන්දීය ක්‍රිකට් ආයතනයද මෙම කරුණ ගැන දැනගෙන එය සඟවන බවද හෙතෙම මෙහිදී චෝදනා කලේය. 2020 වර්සයේ සිට පසුගිය 2022 විස්සයි විස්ස ලෝක කුසලානය දක්වාම ඉන්දීය කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙසින් කටයුතු කළ චේතන් ෂර්මා මෙම ප්‍රකාශ කර තිබෙන්නේද වත්මන් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉන්දියාව ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස අංශ ත්‍රිත්වයේම පෙරමුනේ පසුවද්දී විම විශේෂත්වයකි.
ඔහු මෙහිදී කණ්ඩායමේ ඇතිවූ අර්බුධ සම්බන්ධයෙන් මෙන්ම නායකත්වයේ ඇතිවූ ගැටුම්ද එලි දක්වා ඇත.