ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් දරුණු රිය අනතුරකට මුහුණ පා ඇත.
ඔහුගේ මෝටර් රථය අධිවේගී මාර්ගයක ගමන් කරන අවස්ථාවේදී මෙම අනතුරට මුහුන පා ඇත. උත්තරකන්ද් ප්‍රදේශයේදී පාන්ට් මෙම අනතුර ලක්වී ඇත.
මෙම අනතුරින් ඔහුගේ හිසට හා පාදයට තුවාල රාශියක් සිදුවි ඇත. කෙසේ වෙතත් ඔහුව වහාම රෝහල්ගත කිරීමට ක්‍රියා කර ඇති අතර මේ වන විට ඔහු දෙරාදුන් හි රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. අනතුරින් ඔහුගේ මර්සිඩීස් වර්ගයේ මොටර් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.
කෙසේ වෙතත් ඔහුගේ තත්වය බරපතල නොවන බව වාර්තා වේ. ඉන්දිය කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වුවද පාන්ට් එළඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට නම් කළ සංචිතයට ඇතුලත් නොවිණි.
පාන්ට්ගේ මෝටර් රථය අනතුරට ලක්වීමෙන් පසු