ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ඨතම ටෙනිස් ක්‍රීඩිකාව ලෙසින් හැඳන්වෙන සානියා මීර්සා වෘත්තීය ටෙනිස් පිටියට සමුදුන්නාය. ඒ මෙවර ඩුබායි ටෙනිස් ශූරතාවයේ යුගල තරග ඉසව්වේ පළමු වටයෙන්ම ඉවත්වීමත් සමගිනි.
සානියා මීර්සා හා ඇයගේ සහයක ක්‍රීඩිකාව වූ මැඩිසන් කේයස් , රුසියාවේ වෙරෝනිකා කුඩෙර්මෙටෝවා හා ලියුඩ්මිලා සම්සොනෝවා හමුවේ පරාජයට පත්වුයේ තරගවට 2-0 ක් ලෙසිනි. මෙම තරගයට පෙරම සානියා සිය සමුගැන්ම ප්‍රකාශයට පත්කොට තිබිණ.
36 හැවිරිදි වියේ පසුවන සානියා ලොව ඉහළම ටෙනිස් තරගාවලි හෙවත් ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලි 6 ක යුගල හා මිශ්‍ර යුගල ශූරතා දිනාගැනිමට සමත්වූවාය
එහිදී 2015 වර්ෂයේ විම්බල්ඩන් හා ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතා මෙන්ම 2016 වර්ෂයේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවද ඇය යුගල ඉසව්වන්ගෙන් හිමිකර ගැනීමට සමත්වූවාය. එමෙන්ම 2009 වර්ෂයේ ඔස්ට්‍රේලියානු විවෘත, 2012 ප්‍රංශ විවෘත මෙන්ම 2014 වර්ෂයේ ඇමරිකානු විවෘත තරගාවලියේදීද මිශ්‍ර යුගල ඉසව්වෙන් ශූරතා දිනා ගැනිමට ඇය සමත්වූවාය.