ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරගාවලියේ 3වන තරගය ලෙස ශ්රී ලංකා ප්රවීණයන් හා ඉන්දියාවේ ප්රවීණයන් අතර ඊයේ පැවති තරගයෙන් කඩුළු 5ක ජයක් ලබා ගැනීමට ඉන්දියාවේ ප්රවීණයන් සමත් විය.
කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ප්රවීණයන්ගේ කණ්ඩායමේ නායක සචින් තෙන්ඩුල්කාර් ප්රථමයෙන් පන්දුවට පහර දීමට ශ්රී ලංකා ප්රවීණයන්ට ආරාධනා කළේය.
පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ශ්රී ලංකා ප්රවීණයන් රැස් කලේ ලකුණු 138ක් පමණි.
ටී.එම් දිල්ශාන් සහ චාමර කපුගෙදර දෙදෙනාම ලකුණු 23 බැගින් ලබා ගත්හ.
ලකුණු 139ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියාවේ ප්රවීණයන්ගේ කණ්ඩායම කඩුළු 5ක් දැවී සිය ජයග්රහණය වාර්තා කළේය.
විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ ඉෆ්රාන් පතාන් පන්දු 31කදී ලකුණු 57 ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.