ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉහළ අහසේ පියාසර කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
තරගය ආරම්භ වී ටික වේලාවකින් පළමු ගුවන් යානය 'Justice for Kashmir' වැකිය සහිත බැනරයක් සමග ලීඩ්ස් ඉහළ අහසේ පියාසර කළේය.
ඉන් පැය භාගයකට පමණ පසුව දෙවැනි ගුවන් යානය ‘Help End Mob Lynching ’ යන වැකිය සහිතව පියාසර කළේය.
ඉන් අනතුරුව ඉන්දියාව පන්දුවට පහරදෙමින් සිටින විට තෙවැනි ගුවන් යානය ‘Help End Mob Lynching’ යන වැකිය සහිතව පියාසර කළේය.