ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් විය.
ආරම්භක කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා මිනෝද් භානුක අතර ලකුණු 49ක සබදතාවයක් ගොඩ නැගුණි. අවිශ්ක ලකුණු 33කටත්, මිනෝද් ලකුණු 27කටත් දැවී ගිය අතර, මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ලකුණු 24ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 14යි.
චරිත් අසලංක ලකුණු 38ක් ලබා ගත් අතර, නායක දසුන් ශානක ලකුණු 39යි. ඉනිමට සාර්ථක අවසානයක් ලබා දුන් චාමික කරුණාරත්න පන්දු 35කින් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 36.4ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. නායක ශිකර් ධවාන් පන්දු 95කින් නොදැවී ලකුණු 86ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සමත් විය. පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා කඩුලු 2ක් හා ලක්ෂාන් සදකැන් එක් කඩුල්ලක් බිද හෙලීමට සමත් විය.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිතයි.