ඉන්දීය කණ්ඩායම ලකුණු පහකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයද ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ දෙවැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 7ට ලකුණු 271ක් රැස් කිරීමට සමත්වූයේය.
ලකුණු 69ට කඩුලු 6ක් ලෙස දිස්වූ බංග්ලාදේශ ඉනිම ඔසවා තැබීමට මෙහෙදි හසන් මිරාස් නෙදැවී ලකුණු 100ක් හා මහමදුල්ලා ලකුණු 77ක් රැස්කරමින් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 148ක සබඳතාවක් පැවැත්වීමට සමත්වූහ.
අනතුරුව අටවැනි කඩුල්ල වෙනුවෙන් නොබිදුණු ලකුණු 54ක සබඳතාවක් පැවැත්වීමට මිරාස් හා නසුම් අහමඩ් සමත්වූය.
ලකුණු 272ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 9කට රැස්කළ හැකිවූයේ ලකුණු 266ක් පමණි. ආබාධයකට ලක්ව සිටි නායක රෝහිත් ෂර්මා 9 වැනි පිතිකරු ලෙස පිටියට පිවිස වේගවත් ලකුණු 51ක් පන්දු 28කදී රැස්කළත් එය ඔවුන්ගේ පරාජයෙන් බේරීම සඳහා ප්රමාණවත් නොවිණි.
ඉන්දියාව වෙනුවෙන් ශෙර්යාස් අයියර් හා ආක්ෂාර් පටේල් අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ. පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දක්ශතා දැක්වූ මිරාස් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.