ඉතාලි පාපන්දු තරගවාරය නැවත ආරම්භවීමට ප්‍රථමයෙන් සියළුම ක්‍රීඩකයින් කෝවිඩ්-19 (නව කොරෝනා වෛරස) පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගන්නා බව ඉතාලි පාපන්දු සම්මේලනය පවසා සිටියි. ඉතාලියේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන ‘සෙරී ඒ’ පාපන්දු තරගාවලිය පසුගිය මාර්තු 9 වැනිදා දින නියමයක් නොමැතිව අත්හිටුවීමට එරට බළධාරීන් ක්‍රියා කළහ. ඒ නවකොරෝනා වෛරසය ඉතාලියේ පැතිරීයාමත් සමගිනි.
මෙම තරගාවලිය පසුගිය වසරේ අගෝස්තු 24 වැනිදා ආරම්භ වූ අතර එය එළඹෙන මැයි 24 වැනිදා අවසන් වීමට මුලින් සැලසුම් කොට තිබිණ. කෙසේ වෙතෙත් ලොව පුරා කෝවිඩ්-19 වසංගතය පැතිරීයාමත් සමගින් තරගාවලිය නැවත ආරම්භ වන දිනයක්ද තවමත් තීරණය වී නොමැත.
කෙසේ වෙතත් ලොව පුරා වැඩිම ආකර්ශණය දිනා ගත් පාපන්දු තරගාවලි අතරින් එකක් වන ඉතාලි ‘සෙරී-ඒ’ පාපන්දු තරගාවලියේ මෙවර අදියර අත්නොහැර ඉතිරි තරග පවත්වා අවසන් කිරීමට තරගාවලි බළධාරීන්ගේ අවධානය යොමුවී ඇත. ඒ හේතුවෙන් මෙම තත්වය සමනය වූ වහාම ක්‍රීඩකයින් ඉක්මනින් පරීක්ෂාවට ලක් කොට නැවත තරගාවලිය ආරම්භ කිරිමට සංවිධායකයින්ගේ අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා සිටියි. ඉතාලිය පුරා නව කොරෝනා ආසාධිකයින් මේ වනවිට සාපේක්ෂව අඩු අගයක් ගන්නා අතර මරණ සංඛ්‍යාවද අඩුවෙමින් පවතී.
තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවිට පෙරමුනේ පසුවන ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුටද නව කොරෝනා වෛරසය ආසාධනය වූ අතර ඔවුන් මේ වනවිට සුවය ලබා ඇත.
කෙසේ නමුත් නව කොරෝනා වෛරසයෙන් වැඩිපුරම බැටකෑ ඉතාලියේ ඊයේ (12) අවසන් වන විට සමස්ථ ආසාධිතයින් එක්ලක්ෂ හැටදහසකට ආසන්න වූ අතර සමස්ථ මරණ සංඛ්‍යාවද විසිදහසකට ආසන්න විය.