ඉතාලියේ සුප්‍රසිද්ධ ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉදිරි සිව්මසක කාලයක් සඳහා ක්‍රීඩා සමාජයෙන් ඔවුන්ට කරනු ලබන ගෙවීම් ප්‍රතික්ෂේප කොට ඇත. කොරෝනා (කෝවඩ්-19) වසංගතයෙන් ඉතාලියම ඇලලී යන මොහොතේදී සිය ක්‍රීඩා සමාජය තවදුරටත් අපහසුතාවයට පත් නොකිරීම ඔවුන් අරමුණුයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මාර්තු, අප්‍රේල්, මැයි හා ජූනි මාසයන්හි ක්‍රීඩක වේතන ඉතිරිය නිසා ජුවෙන්ටස් කණ්ඩායමට යුරෝ මිලියන 90ක් (රුපියල් බිලියන 18ක්) ඉතිරි වන බව පැවසේ.
සුපිරි ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝද ක්‍රීඩා කරන මෙම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකුගේ මාසික සාමාන්‍ය දළ වැටුප යුරෝ ලක්ෂ 4 (රුපියල් මිලියන 87) ක් පමණ වේ.
ඕෂිත වරකා