ලෝක ශූර , ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව 05/22 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඩිලන්ත මාළගමුව මහතා මෙසේ පැවසීය .
"මෙම තරගාවලිය සදහා සහභාගී වූ එකම ශ්‍රී ලාංකිකයා මෙන්ම එකම ආසියාතිකයා ද වූයේ මමයි . මෙම තරගාවලිය යුරෝපයේ පවත්වන ලොකුම මෝටර් රථ ධාවන තරගය වන අතර ඒ සදහා ලෝකයේ රටවල් 30 ක මෝටර් රථ ධාවන ශූරයින් එක් වී සිටියා . ඔවුන් වැඩි පිරිසක් යුරෝපා සහ ඇමෙරිකානු මහාද්වීප නියෝජනය කරන්නන් .
මෙම මෝටර් රථ ධාවන තරගය සදහා කාර් 50 ක් සහභාගී වී සිටි අතර එම එක් රථයක් සදහා රියැදුරුවරුන් දෙදෙනා බැගින් එක් වී සිටියහ .
වගේම මෙම තරගාවලිය සදහා ලෝකයේ වඩාත් බලවත් , දියුණු මෝටර් රථ වර්ග 10 ක මෝටර් රථ ධාවනයට එක් වී සිටි අතර මම ඒ.එම්.ජී.- ජී.ටී. 4 වර්ගයේ මෝටර් රථයක් භාවිතා කළා ".යැයි ද පැවසීය .
2024 අවසානයේ මෙම ලෝක ශූරතා තරගාවලියේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිත අතර මේ සදහා තවත් මෝටර් රථ ධාවන තරග 12 ක් ඉතිරි වී ඇති බව ද ඩිලන්ත මාළගමුව මහතා පැවසීය . එසේම ඉදිරි මාසයේ තවත් මෝටර් රථ තරග 04 ක් පැවැත්වීමට නියමිතව ඇති බව ද හෙතෙම පැවසූ අතර මෙම ශූරතා තරගාවලිය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒම තම එකම අපේක්ෂාව බව ද ඩිලන්ත මාළගමුව මහතා වැඩිදුරටත් පැවසීය .
ඔහු 05/22 දින අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඩිලන්ත පිළිගැනීම සදහා ඔහුගේ මිතුරන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .