රෂිඩ් ඛාන්ගේ සුපිරි පිතිහරඹය අබිබවමින් ඇෆ්ගනිස්ථානය පරදා ලකුනු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ඇඩිලේඩ් හිදී පැවති තරගයේදීය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුනු 168 ක් රැස් කළහ. ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුනු 54 ක් රැස් කලේය. පන්දු යැවීමේදී නවීන් උල් හක් කඩුළු 3 ක් බිඳ හෙලීය.
කෙසේ වෙතත් ලකුනු 169 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී ලබා ගත්තෙ ලකුනු 164 ක් පමණි. සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ රෂීඩ් ඛාන් පන්දු 23 කදී ලකුණු 48 ක් රැස් කලේය.
කෙසේ වෙතත් මෙම පරාජයත් සමගින් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට අද දිනියේ තිබූ අවසන් බලාපොරොත්තුව ගිලිහී ගියේය.