මෙවර එක්දින ලෝක කුසලානයේ සිය ගමන ජයග්රහණයකින් අවසන් කිරීමට බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ මූලික වටයේ තමන් සහභාගි වූ අවසන් තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 23කින් පරාජයට පත් කරමිනි.
මෙම තරගය ලීඩ්ස්හි හෙඩින්ග්ලිහිදී ඊයේ (23දා) පැවැත්විණි. කෙසේ නමුත් මෙම තරගයට පෙර සිටම මෙම කණ්ඩායම් දෙකම ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වෝ සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 311ක් රැස් කළහ. කොදෙව් ඉනිම ඔසවා තැබූ ෂායි හෝප් මෙවර තරගාවලියේ සිය තෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 77ක් රැස් කළේය. ඊට අගනා සහායක් ලබා දුන් එවින් ලුවිස් හා නිකලස් පූරාන් ලකුණු 58 බැගින් රැස් කළහ.
පිළිතුරු ඉනිම ක්රීඩා කරමින් ලකුණු 312ක ජයග්රාහී ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තානු ක්රීඩකයන් සිය පන්දුවාර 50 තුළදී සියල්ලන් දැවී රැස්කළේ ලකුණු 288ක් පමණි. කොදෙව් පන්දු යැවීමේදී කෙමර් රෝච් හා කාලෝස් බ්රැත්වේට් කඩුලු 03 බැගින් දවාලීය. තරගයේ වීරයා සම්මානය ෂායි හෝප් දිනා ගත්තේය. මේ අනුව ඇෆ්ගනිස්තානයට තරගාවලිය නිමා කිරීමට සිදුවූයේ තරගාවලියේ කිසිදු තරගයක් ජයගැනීමට අපොහොසත් වූ එකම කණඩායම ලෙසිනි.
බ.ඉ. කොදෙව් 311/6 (පන්දුවාර 50)
ෂායි හෝප් 77 (92,4x6, 6x2), නිකලස් පූරාන් 58 (43, 4x6, 6x1), එවින් ලුවිස් 57 (78, 4x6, 6x2), දවල්ට් සද්රාන් 2/73 (09), මොහොමඩ් නබි 1/56 (10)
ඇෆ්ගනිස්තානය 288/10 (පන්දුවාර 50)
ඉක්රම් අලිකිල් 86 (93, 4x8), රහ්මත් ෂා 62 (78, 4x10), අස්ගාර් ඇෆ්ගන් 40 (32, 4x4, 6x1), කෙමර් රෝච් 3/37 (10), කාලෝස් බ්රැත්වේට් 3/52 (7.1)