ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා එක්ව තිබේ.
තරගාවලිය එක්සත් අරාබි එමීර් රජ්‍යයේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිවිසුම් ගතව ඇත්තේ තිසර පෙරේරා පමණි.
ඔක්තෝබර් 5 දා සිට 21 දා දක්වා තරගාවලිය පැවැත්වෙයි. කණ්ඩායම් පහක් ක්‍රිඩා කරන තරගාවලියේ තිසර පෙරේරා පක්ටියා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත අතර සහීඩ් අෆ්රිඩී, ලුක් රයිට් ඇතුළු විදේශීය ක්‍රීඩකයන් කිහිප දෙනෙක් එම කණ්ඩායමට ක්‍රීඩා කරයි.
මීට අමතරව ලුක් රොංකි, ශොහායිල් තන්වීර්, වේන් පානෙල්, ක්‍රිස් ගේල්, කොලින් මුන්රෝ, රවී බොපාරා, මොහොමඩ් ඉර්ෆාන්, කම්රාන් අක්මාල්, ඇන්ඩ්‍රේ රසල්, තමීම් ඉක්බාල්, මුෂ්ෆිකාර් රහීම්, බ්‍රෙන්ඩන් මැකලම්, වහබ් රියාස් ඇතුළු ක්‍රිඩකයන් කිහිප දෙනෙක්ම තරගාවලියට එක්වීමට නියමිතය.