ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ඒකල කිරුළ දිනා ගනිමින් සිය 19 වන ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීමට ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාන් සමත්විය.
රුසියාවේ ඩැනිල් මෙඩ්විඩෙව් හා පැවැති තියුණු අවසන් තරගයකින් පසුව වට 3-2ක් ලෙස නඩාල් අවසන් මහ තරගය ජයගත්තේය.
තරගයේ ලකුණු තත්ත්වය දැක්වූයේ 7-5, 6-3, 5-7, 4-6, 6-4ක් ලෙසිනි.
මෙම ජයග්රහණයත් සමග ලෝකයේ වැඩිම ග්රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලි ප්රමාණයක් ජයගත් ලොව දෙවැනි ක්රීඩකයා බවට නඩාත් පත්විය.
ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලි 20ක් ජයගත් ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් එහි ඉදිරියෙන් පසුවෙයි.