ආසියානු කුසලාන කනිෂ්ණිෂ්ඨ හොකී තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරන කණ්ඩායමට ගම්න් වියදම් තමන් විසින් උපයා ගත යුතු බව ශ්‍රී ලංකා හොකී සම්මේලනය ක්‍රීඩකයන්ට දැනුම් දීමත් සමඟ ගමන් වියදම් ලෙස ලක්ෂ අසු එකක මුදලක් ක්‍රිඩකයන් විසින් ගෙවීමට තීරණය කිරීම නිසා දෙමව්පියෝ හා ක්‍රීඩකයෝ දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව දෙමාපියෝ පවසති.
ජනවාරි මස 02 වන දින ඕමානයේ මස්කට් හි දී ආසියානු කුසලාන කණිෂ්ඨ හොකී තරග තරගාවලිය පැවැත්වෙයි .මේ සඳහා වයස අවුරුදු 21 න් පහළ ජාතික හොකී කණ්ඩායම සුදුසුකම් ලබා සිටිති.
ක්‍රීඩකයන් 18 දෙනෙකු තරඟාවලිය සඳහා සහභාගි වීමට නියමිත අතර එක ක්‍රීඩකයෙකුගෙන් රුපියල් ලක්ෂ හතර හමාර ක මුදලක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා හොකී සම්මේලනය දැනුම් දී ඇතැයි දෙමව්පියෝ පවසති.
බොහෝ දෙමාපියෝ දැඩි ආර්ථික දුෂ්කරතා වලට මුහුණ පා සිටින අවස්ථාවක එතරම් මුදලක් උපයා ගැනීමට නොහැකි වීම නිසා ඔවුහු විවිධ ව්‍යාපාරිකයන් දේශපාලඥයන් හමුවී මුදල් ඉල්ලා සිටින බවත් ඇතැම් පිරිස් අත කනකර බඩු උගසට තැබීම මෙන්ම ඉඩම් වතුපිටි පවා උගස් තබා තම දරුවන් ආසියානු කුසලාන හොකී තරගාවලියට ඕමානයට යැවීම සඳහා උත්සාහ දරමින් සිටින බව ඔවුහු පවසති.
.