ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරඟාවලියේ මූලික තරඟ වටයේදී සෞදි අරාබියට පරාජය වීම සම්බන්ධයෙන් වොලිබෝල් සංගමයේ සභාපති වාර්තාවක් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ ලේකම්වරයාගෙන් මෙම විශේෂ වාර්ථාව ඉල්ලා තිබේ.
ප්‍රධාන ක්‍රීඩකයින් සිටියදී කණිෂ්ඨ ක්‍රීඩකයින් යොදවා තරඟ කිරීම, ක්‍රීඩකයින් ආබාධිත තත්ත්වයන් පසුවන බව ප්‍රකාශ කිරීම ආදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම වාර්ථාව කැඳවා ඇත. එය ඉතා කඩිනමින් ලබාදෙන ලෙස අමාත්‍යවරයා නියෝග කර ඇත.