ජපාන සුපිරි ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා ටෙනිස් පිටියෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇත. ඒ සිය ගර්භනීභාවය ප්‍රකාශයට පත් කරමිනි.
ඔසාකා මාස 5 ක පමණ කාළයක් ටෙනිස් ක්‍රීඩාවෙන් ඉවත්වූ අතර ඒළඹෙන 2024 වර්ෂයේදී නැවත ටෙනිස් ක්‍රීඩාවට පැමිණීමට තීරණය කර ඇත.
ආසියාවෙන් බිහිවූ දක්ෂතම ටෙනිස් ක්‍රීඩිකාව ලෙසින් අවිවාදයෙන් කිවහැකි ඔසාකා සිව්වරක් (2018) ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරිය බවට පත්වී ඇත්තේ ග්‍රෑන්ඩ්ස්ලෑම් ඒකළ ශූරතාවන් වැඩිම ප්‍රමාණයක් දිනා ගත් ආසියානු ක්‍රීඩිකාව බවට පත්වෙමිනි. එමෙන්ම චීනයේ ලී නා ගෙන් පසු ඒවැනි දක්ෂතාවක් දැක්වූ ඒකම ආසියානුවා බවටද ඔසාකා පත්වූවාවය.
ඔසාකා 2018 හා 2020 වර්ෂයන්හිදී ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතා දිනා ගැනීමට සමත්වූ අතර 2018 හා 2021 වර්ෂයන්හිදී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා දිනාගත්තාය.