වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රි ලංකාවේ තත්ත්වය යහපත් බැවින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් සලකා බලන බව පාකිස්තානු ක්‍රිකට් සභාපති ඒෂාන් මානි පවසයි.
එමෙන්ම පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේදී නොපැවැත්වෙනු ඇති බවද ඔහු මෙහිදී පැවසීය. විදෙස් මාධ්‍ය සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ 'කෝවිඩ්-19' වසංගතය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට දරුණු බලපෑමක් එල්ල කළ බවත්ය. ඒ අනුව එහි නැවත ඉදිරි 'පිම්මක්' බලාපොරොත්තු විය නොහැකි බවත් නැවත නැගී සිටීමට නම් කුඩා පියවර තැබිය යුතු බවත් ඒෂාන් මානි මහතා පවසයි.
'කෝවිඩ් -19' වසංගතය තවමත් පහව ගොස් නැති හෙයින් කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් සහභාගි වන පන්දුවාර විස්සයි20 ලෝක කුසලානය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගත නොහැකි බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.