ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20ක් සහභාගි වන ආසියානු යොවුන් බොක්සිං තරගාවලිෙයේ තරග හෙට (09දා) එ.අ.එමීර් රාජ්‍යෙය් ෆුජයිරා හිදී ආරම්භ වේ.
තරගාවලියට සහභාගි වන අටදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (08දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 240 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය නිවේදනය කරන අතර තරගාවලිය බර පංති 13 ක් යටතේ පැවැත්වේ.
ආසියානු බොක්සිං සම්මේලනය මගින් මෙම තරගාවලිය සංවිධානය කරන අචර තරගාවලියේ අවසන් තරග එළඹෙන 17 වැනිදා පැවැත්වේ.
තරගාවලිය සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්
ක්‍රීඩකයෝ
ජී.පී. මිහිරාන් (කි.ග්රෑ 50) - කොළඹ නාලන්දා විදුහල , වයි.එම්. උසයිත් (කි.ග්රෑ 48)- මහනුවර සුමංගල විදුහල, එම්.සුරාජ් තිසන්ත (කි.ග්රෑ 46)- හොරණ විද්‍යාරතන වි. වි. පීඨය , එච්.එම්. කරුණානායක (හොරණ විද්‍යාරතන වි.වි. පීඨය)
ක්‍රීඩිකාවන්
ජේ.කේ. විශ්මි නේත්‍රා (කි.ග්රෑ 52) - කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසල, බී.එච්. සෙව්වන්දි (කි..ග්රෑ 48) -හොරණ දොන් පැට්රික් විදුහල, පී.හෂිනි අනූපමා (කි.ග්රෑ 46)- කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසල, කේ.ඩී. කුලතුංග (කි.ග්රෑ 50)-පිළිමතලාව ධීරානන්ද විදුහල)