ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෝලන්තය සමගින් පැවති තරගය ගෝල 2-0 ක් ලෙසින් ජය ගැනිමට ආර්ජන්ටිනාව සමත්විය. ‘සී’ කාණ්ඩයේ පැවති තරගය දෝහා හිදී පැවැත්විණි.
තරගයේ 46 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවට පළමු ගෝලය වාර්තා කර දීිමට මැදපෙළ කීඩක ඇලෙක්සිස් මැක් ඇලිස්ටර් සමත්විය. අනතුරුව 67 වැනි මිනිත්තුවේදී ක්රියාත්මක වූ ජුලියන් ඇල්වාරේස් දෙවැනි ගෝලයද ආර්ජන්ටිනාවට වාර්තා කර දුන්නේය.
කෙසේ වෙතත් තරගයේ අවසන්ප්රසාද ලකූනු සටහනට අනුව පෝලන්තය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර ඔවුන් ඒවැනි දස්කමක් දැක්වූයේ 1986 වර්ෂයෙන් අනතුරුව වීම විශේෂත්වයකි.
‘සී’ කාණ්ඩයේ අවසන් ප්රසාද ලකුනු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගත් පෝලන්තය එළඹෙන ඉරිදා ප්රංශය සමගින් අවසන් 16 දෙනාගේ වටයට තරග වදිනු ඇත.