සංචාරක ශ්රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී පාකිස්ථාන ආරම්භක පිතිකරුවන් ශ්රී ලංකාවට ප්රහාරාත්මක ආරම්භයක් දියත් කරමින් සිටියි. ඒ දිවා ආහාරය වන විට නොදැවී ලකුනු 175 ක් ලබා ගනිමිනි. එය මෙම කරච්චි අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු තෙවැනි හොදම සබඳතාවද වේ. ආබිඩ් අලි සිය දෙවැනි තරගයේදී සිය දෙවැනි ටෙස්ට් ශතකය අබියස රැදී සිටින්නේ නොදැවී ලකුණු 93 ක් ලබා ගනිමිනි. ඔහු මීට පෙර දෙරට අතර පැවති පළමු තරගයේදීද ශතකයක් වාර්තා කිරීමට සමත්විය. ඔහුට අගනා සහයක් ලබා දෙන ශාන් මසූඩ් නොදැවී ලකුනු 73 ක් ලබා සිටියි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුනු 191 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්රී ලංකාව සියල්ලන් දැවී ලකුනු 271 ක් ලබා ගත්හ.
ඡායාරූප - ඕෂිත වරකපිටිය